
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශවය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් පවසයි.
හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවැනි පාර්ශවයකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කරයි.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නිලවරණය පැවැත්වීම තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට විශාල උදව් උපකාර ලබාගත හැකිවන බවද ජස්වර් උමාර් පෙන්වාදෙයි.
විශේෂයෙන්ම අන්තර්ජාතික පාපන්දු නිජෝජිතයන්ගේ නිරීක්ෂණය යටතේ පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිත බවද පෙන්වාදෙන ජස්වර් උමාර්, රන්ජිත් රොඩ්රිගෝ, දොස්තර මනිල් ප්‍රනාන්දු සහ තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය එකමුතුකමින් ශ්‍රි ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළට ඔසවා තැබීමට බවද අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවට පනවා තිබූ අන්තර්ජාතික තහනම පවා ඉවත් කරගනු ලැබුවේ මෙසේ එකමුතුවීමෙන් බව පෙන්වාදෙන හෙතෙම, බෙදී කටයුතු කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවත්, අනෙක් පාර්ශවයටද තමන් සමග එකතු වී තවත් අන්තර්ජාතික තහනමකට ලක් නොවී පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වැඩ කිරීමට ආරාධනා කරන බවද ජස්වර් උමාර් පවසයි.
මේ වනවිට ඇති ලීග 67න් 59 ක්ම තම.පාර්ශවය සමග පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැදගෙන සිටඉන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart