
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකරු යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ භටයකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකාය මෙහෙයුමක් දියත් කළ අතර එම මෙහෙයුම අතරතුර සැකකරු විශේෂ කාර්ය බළකායට වෙඩිතබා ඇත.
STF ප්‍රහාරයෙන් හිටපු කමාන්ඩෝ භටයා මියගොස් තිබේ.
පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු රොබට් ගුණවර්ධන මාවතේදී වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart