
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.
අද (04) නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ගුවන් තොටුපොළක කිලෝමීටර් පහක අරය තුළ සරුංගල් හෝ ඒ හා සමාන උපකරණයක් පියාසර කිරීම බාධාවක් වන බැවින්, එවැනි ක්‍රියාවන් තහනම් බවයි.
එවැනි ක්‍රියා ගුවන් තොටුපළ සහ ගුවන් යානා මෙහෙයුම් සහ ජීවිත හා දේපළවලට තර්ජනයක් බවද එම සමාගම පෙන්වාදෙයි.
මෙම අනතුරු ඇඟවීම් නොසළකා හරින පුද්ගලයන්ට එරෙහිව පවතින නීතියට අනුව දැඩි දඬුවම් පනවන බව ද එම සමාගම වැඩිදුරටත් පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart