
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනීමැරුමක් සිදුකිරීමට සැලසුම් කළ සැකකරුවන් පස්දෙනෙකු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙසැම්බර් 06 වැනි දින දෙහිවල වනරතන පාරේ ක්රීඩා පිටියක් අසලදී සිදුකරන ලද අපරාධයට පළිගැනීමක් ලෙස දෙහිවලදීම ඝාතන කුමන්ත්රණයක් සංවිධානය කර ඇති බව පොලිසිය පැවසීය.
පෙර සිදුවීමේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තවත් අයෙකු බරපතල තුවාල සිදුකරනු ලැබීය.
ඒ අනුව, ඊයේ (11) උදෑසන රත්මලාන ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කිරීම, කුමන්ත්රණය කිරීම, අපරාධයට ආධාර කිරීම සහ අනුබල දීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස ක්රියාකිරීම යන චෝදනා මත සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 22 ත් 36 ත් අතර සැකකරුවන් පන්කුලම, රත්මලාන, බොරලැස්ගමුව සහ මොරටුව යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
පන්කුලම ප්රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 15 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
2025 ජනවාරි 19 වැනි දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්රදේශයේ සිදු වූ ඝාතනයේ තුවක්කුකරු ලෙස මෙම සැකකරු ක්රියා කර ඇති බවත්, එහිදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කරන ලද බවත්, එම අපරාධයට අදාළ නඩුවක් දැනට ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවත් වාර්තා වී තිබේ.
සැකකරුවන් විසින් හෙළිකරන ලද වැඩිදුර තොරතුරු මත සැලසුම් කළ අපරාධය සඳහා භාවිත කිරීම සඳහා සකස් කරන ලද යතුරුපැදියක් සොයාගැනීමට හැකිව ඇති අතර, යතුරුපැදියට සවිකර ඇති බලපත්ර තහඩුව හෝමාගම පොලිස් කොට්ඨාශයෙන් සොරකම් කරන ලද යතුරුපැදියකට අයත් බව සොයාගෙන ඇත.
සැකකරුවන් අද (11) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart