April 15, 2026

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර බෝට්ටු දෙකක් ගැටී පෙරලීමෙන් ධීවරයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම අද (15) අලුයම සිදුවී ඇති අතර, ගැටීමෙන් යාත්‍රා දෙකටම හානි සිදුවී ඇති බව කියැවේ.

යාත්‍රාව පෙරළීමෙන් පසු මුලින් එක් ධීවරයකු අතුරුදහන් වී ඇති බව වාර්තා වූ අතර පසුව එම ස්ථානයේ සිටි අනෙක් අය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් පසුව ඔහු මියගොස් ඇති බව සොයා ගන්නා ලදී.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයකු දැනට මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මන්නාරම පොලිසිය සහ ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.