April 17, 2026

මැදපෙරදිග ගැටුම ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව අද (17) දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම පැවසීය.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ මෙම නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් පමණ රැගෙන එන බවයි.

මේ අතර, එක්සත් ජනපදයෙන් පිටත්ව යන තවත් බොරතෙල් නෞකාවක් ඊයේ (16) ශ්‍රී ලංකාව බලා සිය ගමන ආරම්භ කර ඇති අතර එමඟින් රටට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කෙරේ.