
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්තය නියෝජනය කළ පළමු බ්‍රිතාන්‍ය ජාතික කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වන ඩේවිඩ් ලෝරන්ස් මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 61 කි.
වසරක කාලයක් තිස්සේ මෝටර් නියුරෝන රෝගය සමග ජීවිතය වෙනුවෙන් සටන් කළ ලෝරන්ස් ඊයේ ජීවිතය හැරගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.
එය මාංශ පේශි දුර්වල වීමට හේතුවන සහ මොළයට සහ ස්නායු වලට බලපාන රෝගී තත්ත්වයකි.
ලෝරන්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග පහකට ක්‍රීඩාකර ඇති අතර ග්ලෝස්ටර්ෂයර්හිදී වසර 16ක තරග දිවිය තුළ සමස්ත තරග 280කදී කඩුලු 625ක් දවාගත්තේය.
ඔහුගේ මරණය නිවේදනය කරමින් ලෝරන්ස්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ, ඔහු සුන්දර සහ ආශ්වාදජනක චරිතයක් වූ බවයි.
ලෝරන්ස් 1988 වසරේ ලෝඩ්ස් පිටියේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
නවසීලන්තයට එරෙහි තරගයකට ක්‍රීඩා කරමින් සිටින විට ඇති වූ බරපතල දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුගේ වෘත්තීය ජීවිතය පසුව සීමාවිය.
ඔහු 1997 දී ප්‍රාන්ත ශූරතා තරඟ හතරකට ක්‍රීඩා කළ නමුත් පසුව ජාතික මට්ටමේ ක්‍රිකට් වලට නැවත ක්‍රීඩාකළේ නැත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart