July 21, 2026

හෝමාගම කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක අද උදෑසන හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගිනිගැනීමත් සමඟ ප්‍රදේශය පුරා පැතිර ගිය ඝන කළු දුමාරය හේතුවෙන් දෘශ්‍යතාව අඩුවී අසල පදිංචිකරුවන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත් බවයි.

වාර්තා වන අවස්ථාව වන විටත් ගින්න තවදුරටත් පැතිර යමින් පැවැති බව පොලිසිය සඳහන් කළේය.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇත. සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.