June 7, 2026

නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ‘ඇස්රියල් මාර්කටින් පූද්ගලික සමාගම’ (Asriel Marketing Pvt Ltd) නැමති ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය සපයන සමාගමක ගබඩා පරිශ්‍රයක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය 04 වැනි දින සිදුකරන ලද වැටලීමට අදාළව පසුගිය 05 වැනි දින නඩු පවරනු ලැබීය.

එහිදී කල්ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය කල්ඉකුත් නොවූ භාණ්ඩ සමඟ එකට ගබඩා කර තිබීම, ආනයනකරුගේ හෝ බෙදාහරින්නාගේ තොරතුරු කිසිවක් සඳහන් නොකර භාණ්ඩ අලෙවියට තැබීම සහ පාරිභෝගිකයන් නොමඟ යැවීමේ අරමුණින් කටයුතු කිරීම යන වැරදි සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවට අදාළව, ‘Asriel Marketing Pvt Ltd’ සමාගම වරද පිළිගෙන ඇත.

ඒ අනුව, පසුගිය 5 වැනි දින සමාගමට රුපියල් 75,000ක දඩයක් නියම කළ අතර, එම නඩුවට අදාළ ආහාර තොගයක් විනාශ කිරීමට ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.