
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ(පෙබ: 27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේ ය.
ඉදිරි විමර්ශන සඳහා පුද්ගලයන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එහිදී අධිකරණයට පැවසීය.
අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කරනු ලැබ ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම්කර, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පසුගිය සැප්තැම්බර් මස 26 දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වැනි දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමුකර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් දැනට සිදුකර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
ව්‍යාජ ලෙස බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩු වාරයකදී, එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව, අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබාදී තිබුණ ද, එම ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර මෙම නඩුවේ විමර්ශන ගොනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමුකර තිබිණි.
විමර්ශනයට අදාළව සියලු ම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේදී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනීසිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත්, වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වැනි දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.
අදාළ නඩුව ගොනුකිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් අවශ්‍ය බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යනුකූල නිලධාරීන් සිටියදී, මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදුදීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.
නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර ඇත.
(උපුටාගැනීම – BBC සිංහල)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart