
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇනවුමක් කර නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ තවත් බොහෝ ඉන්ධනහල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බවයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීම අනිවාර්ය වන අතර, කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මේ අතර රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් පවසයි.
සභාපතිවරයා පෙන්වාදෙන්නේ, මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 100,000 ක් පවතින බවයි. එසේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000 ක තොගයක් සංස්ථාව සතු බවද සභාපතිවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart