
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසිංහම් පෙන්වාදෙන්නේ, හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණ සහ රෝහල්ගතවීම් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
2020 වසරේ රජයේ රෝහල්වල සිදුවූ මරණවලින් සියයට 52ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවත් වයස අවුරුදු 18ත් 28ත් අතර පිරිමි සහ ගැහැණු මෙන්ම, වයස අවුරුදු 29ත් 39ත් අතර පුද්ගලයන් හෘදයාබාධවලට ගොදුරුවන බවත් ඇය ප්‍රකාශ කරයි.
පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
හෘද රෝගියකු කඩිනමින් හඳුනා ගන්නේ කෙසේද යන්න පාසල් විෂය නිර්දේශයට එක් කළ යුතු බවද එහිදී ප්‍රකාශ විය.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පැවසුවේ හෘද රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශබ්ද දූෂණය බවයි.
ශබ්ද දූෂණය අවම කිරීමට නීති නොමැති නම් නව නීති සකස් කර හෝ ශබ්ද දූෂණය වැළැක්විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
සමාජීය හා මානසික ආතතිය හේතුවෙන් මිනිසුන් හෘදයාබාධවලට ගොදුරු වන බවත් ශරීරයේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ තෙහෙට්ටුව (wheezing) හෘදයාබාධයක ලක්ෂණ බවත් ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart