
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සතියේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයක් අතරතුර, ලොව පුරා අතිශය ජනප්‍රිය ඇමරිකානු යූටියුබ් වීඩියෝ නිර්මාපකයෙකු වන ‘IShowSpeed’ වෙත එල්ල වූ බව කියන ජාතිවාදී අපහාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
යූටියුබ් හි ග්‍රාහකයින් මිලියන 57 ක් සහ ටික්ටොක් හි අනුගාමිකයින් මිලියන 53 ක් සිටින IShowSpeed, මෙවර ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ තරග සජීවීව විකාශය කරමින් සිටියි.
පසුගිය ජූලි 3 වැනිදා ආර්ජන්ටිනාව සහ කේප් වර්ඩ් කණ්ඩායම් අතර පැවැති උණුසුම් තරගය නැරඹීමට ද ඔහු ද එක්ව සිටියේය. ලෝක ශූර ආර්ජන්ටිනාව ගෝල 3-2 ක් ලෙස ජයගත් මෙම තරගය නැරඹීම සඳහා මියාමි හි ‘හාඩ් රොක්’ ක්‍රීඩාංගණයට පැමිණි ඔහු මෙවර තරගාවලියේ දක්ෂතා දක්වන කේප් වර්ඩ් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ නිල ජර්සියකින් සැරසී සිටියාය. ඩැරන් ජේසන් වොට්කින්ස් ජූනියර් යනු ඔහුගේ සැබෑ නමයි.
සජීවී විකාශය අතරතුර, 21 හැවිරිදි ඩැරන් සහ ආර්ජන්ටිනා ලැදි ප්‍රේක්ෂකයෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අයුරු දැකගත හැකි විය. එහිදී ආර්ජන්ටිනා ජර්සියක් හැඳින් සිටි ප්‍රේක්ෂකයෙකු ඔහුට පැවසූ දෙයක් පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය. එහිදී ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කළ එම ප්‍රේක්ෂකයා, කළු ජාතික තරුණයෙකු වන IShowSpeed දෙස බලා ”ගිහිං සත්වෝද්‍යානයට වෙලා අඬන්න” යනුවෙන් පවසන අයුරු එම දර්ශනවල සටහන්ව තිබිණි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ෆීෆා ආයතනය සඳහන් කර සිටියේ, “ෆීෆා සංවිධානය ඕනෑම ආකාරයක ජාතිවාදයක්, වෛරී ප්‍රකාශයක් සහ වෙනස්කොට සැලකීමක් දැඩි ලෙස හෙළා දකිනවා. මෙවැනි ක්‍රියාවලට පාපන්දු ක්‍රීඩාව තුළ, ලෝක කුසලානය තුළ හෝ සමාජයේ කිසිදු තැනක ඉඩක් නැහැ. ලෝක කුසලානය යනු එකමුතුකම, විවිධත්වය සහ ගෞරවය සමරන උත්සවයක්. එය ලොව පුරා සිටින ජනතාව, සංස්කෘතීන් සහ ප්‍රජාවන් එකට එකතු කරනවා. මෙම වටිනාකම් විනාශ වන අයුරින් කටයුතු කරන කිසිවෙකුට අපගේ ක්‍රීඩාව තුළ ඉඩක් නැහැ,” යනුවෙනි.
පසුගිය අඟහරුවාදා ඊජිප්තුවට එරෙහිව ආර්ජන්ටිනාව ලැබූ ජයග්‍රාහී තරගය අතරතුරදී ද ඔහු මෙවැනිම තවත් ජාතිවාදී අපහාසයන්ට මුහුණ දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart