
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිදුවූ බව කියන විනය විරෝධී සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ආර්ජන්ටිනා පාපන්දු සංගමයට සහ එහි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට FIFA පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ෆෝක්ලන්ඩ් දූපත් හි අයිතිය තමන් සතු බව දැක්වෙන බැනරයක් ප්‍රදර්ශනය කිරීම ද මීට හේතුවී ඇත.
එංගලන්තයට එරෙහිව පැවැති අර්ධ අවසාන තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමෙන් අනතුරුව, ආර්ජන්ටිනා ක්‍රීඩකයන් පිරිසක් ‘Las Malvinas Son Argentinas’ (ෆෝක්ලන්ඩ් දූපත් ආර්ජන්ටිනාවට අයිතියි) යනුවෙන් සටහන් වූ බැනරයක් ප්‍රදර්ශනය කර තිබේ.
ක්‍රීඩා උලෙළක් දේශපාලනික හෝ ක්‍රීඩා නොවන වෙනත් අරමුණු සඳහා භාවිත කිරීම තහනම් කෙරෙන FIFA විනය පද්ධතිය මෙමගින් උල්ලංඝනය වී ඇති බවට පරීක්ෂණ පැවැත්වේ.
මීට අමතරව, ආර්ජන්ටිනාව සහභාගී වූ තරග කිහිපයකදී වාර්ගික හා වෙනස්කම් කිරීමේ ප්‍රකාශ සහ අභිනයන් සිදුකිරීම, නියමිත වේලාවට තරග ආරම්භ නොකිරීම, ආරක්ෂක නීතිරීති කඩකිරීම, ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් විසින් නුසුදුසු පණිවිඩ ප්‍රදර්ශනය කිරීම මෙන්ම ප්‍රේක්ෂකයන් විසින් පිටියට භාණ්ඩ දමා ගැසීම සම්බන්ධයෙන්ද FIFA ආයතනය පරීක්ෂණ පවත්වයි.
තවද, ස්පාඤ්ඤය හමුවේ අතිරේක කාලයේදී ගෝල 1-0 ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත්වූ ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් අනතුරුව ඇතිවූ උණුසුම් තත්ත්වයට සම්බන්ධ වූ ක්‍රීඩකයන්ට එරෙහිවද වෙනමම විනය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එහිදී ආර්ජන්ටිනාවේ ලියැන්ඩ්‍රෝ පරේඩෙස් හට පහරදීම් සම්බන්ධ චෝදනා තුනක් සහ නහුවෙල් මොලීනා හට චෝදනා දෙකක් එල්ල වී තිබේ.
මොලීනා, තියාගෝ අල්මාඩා, ආර්ජන්ටිනා කණ්ඩායමේ නිලධාරී රොබර්ටෝ අයාලා සහ ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩක ගාවි යන අයට ක්‍රීඩා විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් එක් චෝදනාව බැගින් එල්ල වී ඇත.
මෙම විනය පරීක්ෂණ කටයුතු දැනටමත් ක්‍රියාත්මක වන අතර, FIFA ආයතනය විසින් මෙතෙක් කිසිදු දඬුවමක් ප්‍රකාශයට පත්කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart