
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල පාපන්දු සංගමයට (IFA) අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හෙවත් FIFA විසින් ස්විස් ෆ්‍රෑන්ක් 150,000ක් එනම් ඩොලර් 190,700ක දඩයක් නියම කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ වෙනස්කොට සැළකීම හා සම්බන්ධ උල්ලංඝනය කිරීම් ගණනාවක් බව FIFA සඳහන් කරයි.
ලෝක පාපන්දු පාලක මණ්ඩලයේ විනය කමිටුව විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ ‘අඛණ්ඩ සහ හොඳින් ලේඛනගත ජාතිවාදී හැසිරීම’ සම්බන්ධයෙන් ඊශ්‍රායල පාපන්දු සංගමය ‘බෙයිටාර් ජෙරුසලම කණ්ඩායමට එරෙහිව අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ’ බවයි.
2024 ඔක්තෝබර් මාසයේදී, පලස්තීන පාපන්දු සංගමය ඊශ්‍රායල පාපන්දු සංගමය විසින් වෙනස්කොට සැළකීම පිළිබඳ චෝදනා FIFA වෙත වාර්තා කිරීමත් සමග පරීක්ෂණයක් ආරම්භ විය.
ඊශ්‍රායල පාපන්දු සංගමය අත්හිටුවීම සඳහා තර්ක කරමින් පලස්තීන පාපන්දු සංගමය විසින් ඉල්ලා සිටි සම්බාධක ලබා නොදීමෙට FIFA කටයුතු කර තිබිණි.
කෙසේවෙතත් ඊශ්‍රායල පාපන්දු සංගමය එහි විනය කමිටුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දීර්ඝ තීරණයකින් ‘FIFA හි ව්‍යවස්ථාපිත අරමුණු පිළිපැදීමට’ අපොහොසත් වූ බව සොයා ගන්නා ලදී.
ඒ අනුව ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩාව තුළ සිදුව ඇති ජාතිවාදී සිදුවීම් කිහිපයක් ලැයිස්තුගත කර තිබේ.
විනය කමිටුව ඊශ්‍රායල පාපන්දු සමාජයක් වන බෙයිටාර්ට එරෙහිව ජාතිවාදී සහ වෙනස්කොට සැළකීමේ හැසිරීම් සඳහා ප්‍රමාණවත් නොවන සම්බාධක ඉස්මතු කළේය.
“ආධාරකරුවන් අඛණ්ඩ හා ජාතිවාදී හැසිරීම්වල නියැලී සිටිති,” යනුවෙන් බීටාර් රසිකයන් පිළිබඳව වාර්තාව සඳහන් කර තිබේ.
‘සදහටම පිරිසිදු’ වැනි සටන් පාඨ භාවිත කිරීම සහ අරාබි ක්‍රීඩකයන් ඉලක්ක කරගත් ‘ත්‍රස්තවාදී’ වැනි වාර්ගික අපහාස නැවත නැවතත් හඬ නගා කීම හුදකලා සිදුවීම් නොව, යහපත් හැසිරීමේ මූලික නීති උල්ලංඝනය කරන සහ ක්‍රීඩාව අපකීර්තියට පත් කරන ක්‍රමානුකූල හැසිරීම් රටාවක කොටසක් බව වාර්තාව කියයි.
“එම සමාජය ඊශ්‍රායල පාපන්දු සංගමයේ සාමාන්‍ය අසාර්ථකත්වයකට කුඩා උදාහරණයක් පමණක් බව කමිටුව අවධාරණය කළේය.” යනුවෙන් වාර්තාවේ දැක්වේ.
FIFA විසින් ඊශ්‍රායල පාපන්දු සංගමයට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවත්, එහි ඊළඟ FIFA තරඟ ගෘහස්ථ තරඟ තුනේදී ‘පාපන්දු ලෝකය එක්සත් කරයි – වෙනස්කම් කිරීම තහනම්’ යනුවෙන් සඳහන් සැළකිව යුතු සහ ඉතා පැහැදිලිව පෙනෙන බැනරයක් ප්‍රදර්ශනය කරන ලෙස නියෝග කර ඇති බවත් පැවසීය.
වෙනස්කම් දැක්වීමට එරෙහිව පියවර ගැනීම සහතික කිරීම සහ නැවත නැවත එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල පාපන්දු සංගමයට දඩයෙන් තුනෙන් එකක් ආයෝජනය කිරීමට සිදුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart