
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් ඊයේ පස්වරුවේ ගෙළ කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
අදාළ කාන්තාව සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් කඩුවකින් ගෙළට පහරදී පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෑතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා (42) නමැති එක්දරු මවකි.
ඝාතනය සිදුකළ පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත.
බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart