March 2, 2026

හැටන් රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තවත් 5 දෙනකු දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව හැටන් පොලිසියේ නිධාරියෙකු පැවසීය.

පහරකෑමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ අයගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වැනි දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙකි.

එම ජනපදයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් දෙපාශර්වක් අතර ඉකුත් 24 දින අවස්ථා කිහිපයකදී බහින්බස් වීමක් ඇති වී ඇති බවත්, පසුව එය ගැටුමක් දක්වා වධර්න වීමෙන් පසු දෙපාශර්වය අතර ඇති වූ ගැටුමෙන් 06 දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියාසිටියේය.

මෙම ගැටුමට සම්බන්ධ දෙපාශර්වයේ තවත් සැකකරුවන් තිදෙනෙක් 27 දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් මාතර් 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තුවාලකරුවන් අතර මියගිය පුද්ගලයාගේ සොහොයුරාද සිටින බවත්, දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුවන් රෝහලෙන් බැහැරවීමෙන් පසු ඔවුන්ද අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් කියාසිටියේය.(දිවයින)