January 3, 2026

නූරිය පොලිස් වසමේ නූරියවත්තේ දී තම 14 හැවිරිදි පුත්‍රයා ඝාතනය කළ බවට වන චෝදනා යටතේ පියකු අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවෙකුට පහරදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් එම ස්ථානයට ගිය විට නිවසක් අසල පිරිමි ළමයකු වැටී සිටිනු දක්නට ලැබී ඇත.

නූරිය රෝහලට ඇතුළත් කරන විට ඔහු මිය ගොස් ඇති බව ප්‍රකාශ වී තිබේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලට යොමු කෙරිණි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම දරුවාගේ පියා අත්අඩංගුවට ගන්නා ලදී.