
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘පොලිස් නිවේදනයක්’ නමින් සමාජ මාධ්‍ය ඇතුළු පණිවිඩ වේදිකාවල සංසරණය වන ආරක්ෂක උපදෙස් ලැයිස්තුවක් අඩංගු පණිවිඩයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
එම පණිවිඩයේ අන්තර්ගතය, වචන සහ නියෝග අනවසර සහ නොමඟ යවනසුළු වන අතර, එය නිල පොලිස් සන්නිවේදනයක් ලෙස නොසළකන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙසේවෙතත්, නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ රට පුරා සිටින සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට තමන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
විශේෂයෙන් රජයේ ආයතනවලින් නිකුත් කළ බව කියැවෙන කිසියම් පණිවිඩයක් බෙදා ගැනීමට පෙර අන්තර්ගතය සත්‍යාපනය කරන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා ඇත
එහි සඳහන් වූයේ, නිල පොලිස් නිවේදන නිකුත් කරනු ලබන්නේ පහත දැක්වෙන සත්‍යාපිත නාලිකා හරහා පමණක් බවයි.
ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය
පොලිස් මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදන
සත්‍යාපිත ශ්‍රී ලංකා පොලිස් සමාජ මාධ්‍ය ගිණුම්
පිළිගත් මාධ්‍ය ආයතන
සත්‍යාපනය නොකළ හෝ අසත්‍ය තොරතුරු පැතිරවීම අනවශ්‍ය බියක් ඇති කළ හැකි අතර මහජන සාමයට බාධා කළ හැකි බව පොලිසිය සඳහන් කළේය.
මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ශ්‍රී ලංකා පොලිසිය අඛණ්ඩව ගනු ඇති බවත්, රට පුරා සාමය, සමගිය සහ නීත්‍යනුකූල හැසිරීම පවත්වාගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය අංශයේ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart