
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය ගාල්ල කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට මහනුවර කණ්ඩායමේ නායක වනිඳු හසරංග අද සමත් විය.
ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 18කදී සිය අර්ධ ශතකය රැස්කළ වනිඳු පන්දු 27කදී ලකුණු 64ක් ලබාසිටියදී දැවී ගියේය.
වනිඳුගේ මෙම ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 09ක් අන්තර්ගත විය.
මීට පෙර තරගයකදී වනිඳු හසරංග විසින්ම පන්දු 21කදී මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකව රැස්කර තිබිණි.
වනිඳුගේ මහනුවර කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමේ සියලුදෙනා පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ ලකුණු 114කට දැවීගියහ.
ඒ අනුව වනිඳුගේ මහනුවර කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.
පන්දු යැවිමේදී ලකුණු 17කට කඩුලු 4ක් බිඳහෙළීමටද වනිඳු හසරංග සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart