
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට විශාලතම ජලාශවලින් එකක්වන සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් තොර බවට ගොවි නායකයෝ චෝදනා කරති.
අගමැති ඩී. එස්. සේනානායකගේ සංකල්පයක් මත ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ සේනානායක සමුද්‍රය 1953 අගෝස්තු මස 28 වැනිදා ඉදිකර ඇත.
ඉඟිනියාගල කඳු යුගලයක් යා කර ඉදිකරන ලද සේනානායක සමුද්‍රය අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑ දහසක් වන අතර, බැම්මේ දිග අඩි තිස් හයදහසකි.
වගා කෙරෙන භූමි ප්‍රමාණය අක්කර එක්ලක්ෂ විසිදහසක් වන අතර, ජල විදුලිය නිපදවීම සහ වගාවන්ට ජලය සැපැයීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
ලෝක බැංකුවේ සහාය ඇතිව වසර 70කට පසුව මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
ඉදිකිරීම් ක්‍රියාවලිය නිසි පරිදි සිදුවේද යන්න සොයාබැලීමට ගොවි නායක කමිටුවක් පත් කර අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ , අදාළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොවන බවයි.
වැව අභ්‍යන්තරයේ සිට වැව් බැම්ම රල පහරට ගසාගෙන යෑම වළක්වන කළුගල් පුවරුව රලපනාව ලෙස හැඳින්වෙන අතර, එය බොහෝ විට උසස් තත්ත්වයේ කළුගල් භාවිතයෙන් නිර්මාණය කරන නමුත් මේ සඳහා යොදා ගන්නා කළුගල් ප්‍රමිතියෙන් තොර බව එම කමිටුව සඳහන් කර ඇත.
එමෙන්ම රලපනාව සෑදීමේදී බාල ගල් මත ගුණාත්මක කළුගල් දමන බවට ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart