
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ගුරුවරියකවූ තම බිරිඳගේ කකුල් දෙකම අද (16) සවස කපාදමා ඇතැයි ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පවුල් ආරවුලක් මත සැමියා මෙම අපරාධය කර ඇති බවත්, බරපතල තුවාල ලැබූ 34 හැවිරිදි බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඇය දොඩන්දුව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවත් පොලිසිය පවසන බව ‘ලංකාදීප’ වාර්තා කර ඇත.
කකුල් කැපිමෙන් පසු ඔහු නිවසේ තිබු යතුරුපැදිය සහ ජංගම දුරකථනයද රැගෙන පළාගොස් ඇත.
සැකකරු යුධ හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකුල නොවන ආකාරයට ඉවත්වි ඇති අයෙකු බවටද, ඔහු රත්ගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද අනාවරණයවී ඇතැයිද පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා තෙලිකඩ පොලිසිය විසින් පරිික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart