
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුර සහ නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය, ශ්රී ලංකාවේ මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා වන දේශීය යාන්ත්රණයක් තරයේ ප්රතික්ෂේප කර ඇති අතර, චෙම්මනි සමූහ මිනීවළ ඇතුළු උතුර-නැගෙනහිරින් සොයාගන්නා ලද සමූහ මිනීවළවල් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන, විශේෂ, අන්තර්ජාතික විමර්ශන කොමිසමක් වහාම ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපියක, දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන ලද ජන සංහාරය සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා අන්තර්ජාතික යුක්තිය ඉල්ලා සිටින එම සංගමය, දැනට ආරම්භ කර ඇති ක්රියාමාර්ග ප්රමාණවත් නොවන බව පෙන්වා දී ඇත.
ඔවුන් පවසන්නේ, ශ්රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන ලද ජන සංහාරය පිළිබඳ චෝදනා අන්තර්ජාතික අධිකරණය වෙත යොමුකළ යුතු බවයි.
2002 ජූලි 01 වැනි දිනට පෙර සිදුවූ අපරාධ අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කිරීමට නොහැකි නම්, ජන සංහාරය සහ ඒ ආශ්රිත අපරාධ සඳහා වගවීම සහතික කිරීම සඳහා ශ්රී ලංකාව පිළිබඳ විශේෂ අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු බව ද සංගමය යෝජනා කර සිටියි.
එම සංගමය මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්රජාවට ක්ෂණික පියවර ලෙස ගතයුතු ක්රියාමර්ග පිළිබඳ යෝජනා 08 ක්ද ඉදිරිපත් කර තිබේ.
උතුර-නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් අතුරුදන් කරවූ පුද්ගලයන්ගේ ඥාතීන් සඳහා වූ සංගමය, ශ්රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ පිටපත් යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ අසල පුළුස්සා දැමූ බව ද වාර්තා වේ.
ඒ, එම වාර්තාව ප්රතික්ෂේප කිරීමේ සංකේතාත්මක පියවරක් ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart