
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපතිවරයා විසින් මෙරටට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝගවලට පිටුපා එළැඹෙන දෙසැම්බරයේ මෙරටට ගොඩබෑමට තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටින බවට අනාවරණය වේ.
වොලිටන් ඩී.එම්.සී.සී. (Volition DMCC) නමැති සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ජූලි 28වැනිදාය.
මෙම නැව මෙරටට පැමිණීම ගැන නීතිපතිවරයා තහනම් කර තිබියදී එහි නම හා ලියාපදිංචි රට වෙනස් කර නැවත මෙරටට ළඟාවීමට සූදානම් වන බව පැවැසේ.
බොරතෙල් ප්‍රවාහනය කරන මෙම නෞකාව ඉකුත් ජුනි මාසයේ ලංකාව බලා පිටත්ව තිබුණේ ‘BULL DAMAI 1’ නමිනි. එම නැව අන්තර්ජාතික නෞකා ලියාපදිංචි කරන අයි.එම්.ඕ. අංක 9248849 යටතේ ලියාපදිංචි කර තිබිණි. එම නැව දෙසැම්බරයේදී ලංකාවට ගොඩබෑමට නම වෙනස් කර ඇත්තේ ‘SWORDFISH’ ලෙසය. දැන් නැව ලියාපදිංචි කර ඇත්තේ ඉන්දුනීසියා ධජය යටතේය.
ඇණවුම් නොකළ මෙම බොරතෙල් නැව මීට පෙර ලංකාව බලා පැමිණෙන්නට වීමත් සමග මෙරට නීතිපතිවරයා එම ගනුදෙනුව නීත්‍යානුකූල නොවන බව පෙන්වා නැව වරයාට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
දේශපාලන සහාය මැද මෙරටට මහා පරිමාණයෙන් බොරතෙල් සපයන සැපයුම්කරුවකු මෙම ගනුදෙනුව පිටුපස සිටින බව හෙළි වේ. මෙම නැව රුසියාවේ සිට පිටත්ව මුලින්ම මෙරටට ළඟාවීමට නියමිත වූයේ ජූනි 20 වැනිදාය. නීතිපතිගේ මතයත් සමග මේ වනතුරු නැව අන්තර්ජාතික මුහුදේ පාවෙමින් ඇත. මෙම බොරතෙල් නැව හදිසියේ මිලදී ගැනීමට යන්නේ මීට පෙර මිලට ගත් රුසියානු බොරතෙල් නැවකින් තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණ වූ තත්ත්වයක් යටතේ වීමද විශේෂය.
මෙම නැව සඳහා ඉදිරිපත් වී ඇති වොලිටන් ඩී.එම්.සී.සී. නමැති සැපයුම්කරු මෙරට ලියාපදිංචි සැපයුම්කරුවකුද නොවන අතර එම සමාගමට තානාපති කාර්යාලය මගින් නිෂ්කාෂණ පවා ලබාගෙන නොමැත.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart