
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය 2023 අගෝස්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම දීර්ඝ කිරීම ප්‍රකාශයට පත් කර ඇත.
කොමිෂන් සභාවේ නිල කාලය 2021 ජූලි 21 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු අතර, එය කිහිපවතාවක්ම දීර්ඝ කර ඇත.
2021 ජනවාරි 20 වැනි දින එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ විමර්ශන පදනම් කර ගනිමින් පුළුල් වාර්තාවක් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම එහි මූලික අරමුණයි.
මෙම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.එච්.එම්.ඩී. නවාස්, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි ඇතුලත් වේ.
පසුව, හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා යෝගේස්වරී පට්කුනරාජාද එහි කොමසාරිස්වරියක ලෙස පත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart