
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ(IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සියල්ලන් ඇතුළත් වන වර්ධනයේ අනාගතයක් සුරක්ෂිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය ඉවහල් වනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවයි.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් එම විශිෂ්ඨ සබඳතාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ඉතා අගය කොට සළකන බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නව ජනාධිපතිවරයා වෙත සුබපැතුම් ලිපියක් එවමින් පවසා ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ස්ථීර හවුල්කරුවකු ලෙස පවතින බවත්, දැනට ක්‍රියාත්මක වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරාගැනීම සඳහා සහාය වීමට සූදානම් බවත් ඇය සහතික කරයි.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදවලින් එකකට ඇතුළු වූ දා සිට ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙනඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ගොඩ නැගීම සඳහා අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අපේක්ෂා කරන බව ද ඇය පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවයක් ගැඹුරු කිරීමට තමන් අපේක්ෂා කරන බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart