
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆේස්බුක් ගිණුමේ පළ කළ ෆේස්බුක් Story යක් හරහා තමාට සිදු කල අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලා සංජය බණ්ඩාර යන අය විසින් ඔහුගේ නීතිඥවරුන් හරහා මාධවී වත්සලා ඇන්තනී යන අය වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 06 වන දා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින් කරමින් , සංජය බණ්ඩාර යනු අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත් ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) කරන ලෙසත් දන්වමින් ඔහුගේ ගිනුමේ ඡායාරූපයක් සහිතව පලකිරීමක් සිදු කර තිබිණි.
එම පදනම් විරහිත, අසත්‍ය, නොමගයවනසුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සංජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බව ඔහු එම එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව, ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදලක් දින 7 ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළහොත් නඩු පවරා එම මුදල නඩු ගාස්තුද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවත් එයින් දන්වා තිබිණි.
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් අනතුරුව පළමුව සංජය බණ්ඩාර විසින් මාධවී වත්සලා ඇන්තනි වෙත මේ පිළිබඳ කණගාටුව පළකරමින් ප්‍රසිද්ධියේ දින තුනක් ඇතුළත සමාව ගන්නා ලෙස දන්වා සිටිනු ලැබූ අතර, ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබූ නොතිබුණු බවයි වාර්තා වේ.
(whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart