
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයෙන් ආධාරක් ලෙස මහරගම අපේක්ෂා විහාරස්ථානයට ලැබී ඇති ගිලන් රථය නිදහස් කරදීම සඳහා කඩිනම් අවධානය යොමු කරන ලෙස මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථාන හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හේනේගම ධම්මදාර හිමියන් සහ විහාරාධිකාරී පූජ්‍ය ඇල්පිටියේ අතුල ධම්ම හිමිවරුන් පැවසුවේ එම ගිලන් රථය නිදහස් කර ගැනිම සම්බන්ධව යම් සාධනීය පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට විශාල සේවාවක් ඉටුකරන අපේක්ෂා රෝහල් විහාරස්ථානයට ජපානයේ වෙසෙන පුද්ගලයෙකුගෙන් ලැබී ඇති එම ගිලන් රථය නිදහස් කර දීම සඳහා රජයේ අවධානය යොමු විය යුතු බව ද උන්වහන්සේලා පැවසූහ.
මෙම ගිලන් රථය 2024 මාර්තු 04 වන දින මෙරටට ලැබී ඇති බවත්, මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුට එය නිදහස් කිරීම සම්බන්ධව ඉල්ලීම් කර ඇති නමුත් ඒ සඳහා කිසිඳු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැතැයි උන්වහන්සේලා පවසයි.
රෝගී තත්ත්වය නිසා මිය යන අයගේ මල සිරුරු අවසන් කටයුතු සඳහා තම නිවස වලට ගෙන යාමට නොමිලේ ප්‍රවාහනය ලබා දීම මෙම ගිලන් රථය විහාරස්ථානයට ලැබීමෙන් පසු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද උන්වහන්සේලා පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart