
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයට අනුව කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන Expolanka Holdings PLC, එම සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එක්ස්පෝලංකා කියා සිටියේ එහි ප්‍රධාන කොටස් හිමියාගේ ඉල්ලීමක් සළකා බලා ඊයේ (මාර්තු 01) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සමාගමේ කොටස් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම ආරම්භ කිරීමට තීරණය කළ බවයි.
Expolanka සමාගම වැඩිදුරටත් පැවසුවේ සමාගමේ බහුතර කොටස් හිමියා වන SG Holdings Global Pte Ltd විසින් සිය කොටස් මිලදී ගැනීමට කැමති කොටස් හිමියන්ට කොටසක් රුපියල් 185කට ලබා දීමට සුදානම් බවයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කිරීමේ රීතිවල 8.1 වගන්තියට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවෙන් සමාගමේ කොටස් ඉවත් කිරීම ආරම්භ කිරීමට තීරණය කළ බව ද Expolanka සමාගම පවසයි.
එය සිදුවන්නේ අවශ්‍ය කොටස් හිමියන්ගේ අනුමැතිය සහ නියාමන අනුමැතිය ලබාගැනීමට යටත්ව බව ද අ සමාගම නිවේදනය කර තිබේ.
සමාගමේ කොටස් ලැයිස්තුගත කිරීම ඉවත් කිරීමට අදාළ අති විශේෂ මහා සභා රැස්වීමේ දැන්වීම කොටස් හිමියන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම්දෙන බව ද සමාගම කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart