
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් පකිස්තානයේ පාසලක පිපිරවීමක් සිදු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු වසිරිස්තානයේ මිර් අලි දිස්ත්‍රික්කයේ කුෂ්හාලි ගම්මානයේ අයස්කොට් රජයේ ප්‍රාථමික පාසලේ පුපුරණ ද්‍රව්‍ය අටවා එලෙස ප්‍රබල පිපිරීමක් සිදු කර ඇති බවයි.
පිපිරීමෙන් පාසල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එහි සිසුන් 600 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලැබූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
පිපිරීම සිදු කර ඇත්තේ රාත්‍රි කාලයේදී බැවින් ජීවිත හානි වාර්තා නොවේ.
පළාත් පාලන ආයතන මෙතෙක් කිසිදු හානියක් වාර්තා කර නොමැති නමුත් අධ්‍යාපන පහසුකම් විනාශ කිරීම ප්‍රදේශයේ පාසල් දරුවන් රැසකගේ අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇති කර ඇතැයි වාර්තා වේ.
අස්ථාවර උතුරු වසිරිස්තාන කලාපයේ පිහිටා ඇති මිර් අලි දිස්ත්‍රික්කය අතීතයේ දී ද මෙවැනිම ප්‍රහාරවලට ලක්ව ඇත.
අධ්‍යාපන ආයතනවලට එල්ල වන ප්‍රහාර දරුවන්ගේ අනාගතය අනතුරේ හෙළනවා පමණක් නොව, ප්‍රාදේශීය පවුල් අතර බිය සහ අනාරක්ෂිත භාවය වැඩි කරන බව විශ්ලේෂකයෝ පවසති.
එවැනි සිදුවීම් පකිස්ථානයේ ගෝත්‍රික කලාපවල පවතින ආරක්ෂක අභියෝග ඉස්මතු කරන බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ එහිදී සන්නද්ධ කණ්ඩායම් ඇතැම් ප්‍රදේශවල අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart