
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීම සහ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධ සැල් ඉලක්ක කර ගනිමින් විශේෂ විමර්ශන හා වැටළීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍යයට බරපතළ හානියක් සිදුවිය හැකි අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට අධිකාරියේ විමර්ශන නිලධාරීන් සමත් වී ඇත.
මෙහිදී හෙළිදරව් වී ඇති ප්‍රධාන අක්‍රමිකතා පහත පරිදි වේ;
– කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතය: රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සහ ඒවා භාවිතයට සූදානම් කර තබා ගැනීම.
– කල් ඉකුත් වූ ඖෂධ අලෙවිය: කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.
– නියමිත ගාස්තු ඉක්මවා අයකිරීම: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම ගාස්තු සීමාවන් ඉක්මවා යමින් රසායනාගාර පරීක්ෂණ සඳහා මුදල් අයකිරීම.
– නුසුදුසු ගබඩා කිරීම්: කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ ද්‍රව්‍ය සමඟ කිසිදු වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක ගබඩා කර තැබීම.
මෙලෙස මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් නීතියට පටහැනිව කටයුතු කළ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර 23කට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පවරා ඇත.
එම නඩු 23ම සැලකිල්ලට ගත් අධිකරණය විසින් අදාළ ආයතන වෙත නියම කරන ලද සමස්ත දඩ මුදල රුපියල් පනස් හත් ලක්ෂ අනූඅට දහසක් (රු. 5,798,000) වේ.
නඩු පවරන ලද ආයතනවල නම්, අදාළ අධිකරණ සහ එක් එක් ආයතනයට නියම වූ දඩ මුදල් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනයට අමුණා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරන ලද පෞද්ගලික රෝහල් සහ රසායනාගාර ලැයිස්තුව;
Venus Speciality
Hospital (Pvt) Ltd
රු. 3,000,000.00
2026/07/21
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය.
ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික්
( ප්‍රයිවට් ලිමිටඩ්)
රු. 800,000.00
2026/07/22
කොළඹ 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පී.එල්.සී
රු.100,000.00
2026/07/22
කොළඹ 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය.
ආසිරි හොස්පිටල් හෝල්ඩින්ග්
රු.200,000.00
2026/07/20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය
නවලෝක ලැබෝරටරිස් පුද්ගලික සමාගම
රු.100,000.00
2026/07/22
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
කිංග්ස් හොස්පිටල් කලම්බු පුද්ගලික සමාගම
රු.100,000.00
2026/07/15
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය
ඩර්ඩන්ස් හොස්පිටල්
රු100,000.00
2026/07/15
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05)
Durdans Medical
Center (Pvt) Ltd
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
සමූපකාර රෝහල MPCS සමාගම
රු.200,000.00
2026/07/17
එරාවූර් අධිකරණය
සිලෝන් හොස්පිටල් පී.එල්.සී
රු.400,000.00
2026/07/20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය
සිලෝන් හොස්පිටල් පී.එල්.සී.
රු.50,000.00
2026/07/16
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය.
නව සුව සෙවන පෞද්ගලික රෝහල
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය.
Lanka hospital diagnostics (Pvt) Ltd
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
Royal Hospital (Pvt) Ltd
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
Yarl Mother Care Hospital
රු.100,000.00
2026/07/21
යාපනය මහේස්ත්‍රාත් අධිකරණය
Wayamba Diagnostic Medical Laboratory (Pvt) Ltd.
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
Unique Diagnostic (Pvt) Ltd
රු.100,000.00
2026/07/17
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය
Aloka Dignosis Laboratory
රු.10,000.00
2026/07/22
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය
හෙළදිව හෙල්ත්කෙයා සෙන්ටර්
රු.7,000.00
2026/07/15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය
Union Medi Lab
රු.7,000.00
2026/07/15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය
මොහොට්ටි මෙඩි ලැබ්
රු.7,000.00
2026/07/15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය
නිව් ලොජික් රසායනාගාරය
රු.7,000.00
2026/07/15
මාතර මහේස්ත්‍රාත් අධිකරණය
රවිදු රසායනාගාර
රු.10,000.00
2026/07/20
බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart