
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට වෙරළ තීරයන් ඔස්සේ මෑතක දී කැස්බෑවුන් සමූහ වශයෙන් මිය යාමට හේතුව කුමක්දැයි විශේෂඥයින්ට නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව සති තුනකට ආසන්න කාලයක් තුළ පුත්තලම සිට කළුතර දක්වා වෙරළ තීරයේ කැස්බෑ මළ සිරුරු 50 ක් පමණ ගොඩ ගසා ඇත.
පුත්තලම, කැපුන්ගොඩ, පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම, ඉඳුරුව සහ ඩෙල්ෆ් දූපත් මුහුදු ප්‍රදේශවලින් මෙම මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
කැස්බෑ මළ සිරුරු රැසක් හමුවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.
කෙසේ වෙතත් දිය යට ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම කැස්බෑවුන් මිය යන්නට ඇති බවට තවමත් සැක කෙරේ.
මෙම තත්ත්වය හමුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය කැස්බෑවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අතර, මියගිය සියලුම කැස්බෑවන් එකම ප්‍රමාණයේ සහ එකම විශේෂයට අයත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart