
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලස්මුල්ල ප්‍රදේශයේ බීඩි නිෂ්පාදකයකුට පහර දී සහ කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ලබාදුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
බලපත්‍රයක් නොමැතිව බීඩි කොළ ළග තබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ඉල්ලා සිටීම සහ පහරදීම යන සිද්ධි සම්බන්ධයෙන් තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකගේ මෙලෙස වැඩ තහනම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart