
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් චෝදනා 6කට වරදකරු වූ නාරාහේන්පිට සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කළ සුරාබදු නිලධාරියෙකුට එක් චෝදනාවකට වසර 5 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් පනත යටතේ ගොනු කර තිබූ චෝදනා 6කට වරදකරු වූ බෝගහගේ සුසන්ත ප්රියදර්ශන නමැත්තාට එරෙහිව 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්රකාශයට පත්කරන ලදී.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් එක් චෝදනාවකට වසර 5 බැගින් චෝදනා 6 සඳහා වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.
කෙසේවෙතත්, එම සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසද, නැතහොත් වෙන් වෙන් වශයෙන් ගෙවී යන ලෙසද ක්රියාත්මක වන්නේ යන්න අල්ලස් කොමිසම විසින් නිශ්චිතව සඳහන් කර නොමැත.
නීතිවිරෝධී මත්පෙති ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව ලිහිල් චෝදනා යටතේ නඩු පැවරීමට පොරොන්දු වෙමින්, ඔහුගේ බිරිඳගෙන් රුපියල් මිලියන 6ක (ලක්ෂ 60ක) අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
විත්තිකරු විසින් පැමිණිලිකාරියගෙන් රුපියල් මිලියන 2.9ක (ලක්ෂ 29ක) මුදලක් ලබාගෙන ඇති අතර, පසුව තවත් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) මුදලක් ඉල්ලා ඇත.
සිරදඬුවම්වලට අමතරව, චෝදනා 6 සඳහා රුපියල් 30,000ක දඩ මුදලක් ද අධිකරණය විසින් නියම කර තිබේ.
එමෙන්ම, අල්ලස් පනත යටතේ රුපියල් මිලියන 2.92ක සහ රුපියල් මිලියනයක දණ්ඩන මුදල් ගෙවන ලෙසත්, එම මුදල් නොගෙවන්නේ නම් අමතර සිරදඬුවම් නියම කරන ලෙසත් අධිකරණය සඳහන් කළේය.
මීට අමතරව, පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට රුපියල් මිලියන 2.92ක වන්දි මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ අධිකරණය, එම මුදල නොගෙවන්නේ නම් තවත් සිරදඬුවමක් ක්රියාත්මක වන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart