
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරික්ෂා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් මිලියන 1000කින් වැඩිවී ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවකින් හෙළිදරව් වී තිබේ.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවූ අවසථාවේදී මේ බව අනාවරණය කර ඇත.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව කමිටුව හමුවට කැඳවා තිබිණි.
සුරාබදු පනතේ සංශෝධන සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.
මේ වන විට වැඩිකරගෙන ඇති ආදායම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියට ද කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත්පැන් බෝතල්වල ඇලවීම තවදුරටත් අවම කිරීමට හේතුවන බව මෙහිදී කමිටුව පෙන්වා දී ඇති බව වාර්තා වේ.
ආර්.ඒ.එම්.අයි.එස් පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එම පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.
ඒ අනුව පවතින අඩුපාඩු මඟ හරවා ගනිමින් ලබන ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත්කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ප්‍රකාශ කරනු ලැබිණි.
තව ද දැනට පවතින බදු ලිපිගොනු ලක්ෂ 07ක ප්‍රමාණය ඉදිරියේ දී ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart