
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයන් තිදෙනකු අභිරහස් අන්දමින් මියගොස් ඇත්තේ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් බව මියගිය පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී ඊයේ (23 වැනිදා) අනාවරණය වී ඇතැයි ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම නිවස තුළ මියගොස් සිටි 21 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනාගේ ශරීරවල අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය අඩංගුවී තිබූ අතර තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 50 හැවිරිදි පුද්ගලයාගේ ශරීරයේ අයිස් සහ කොකේන් තිබූ බවද මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.
පොලිසිය සැකකරන්නේ මෙම පුද්ගලයන් තිදෙනා බෝට්ටුවල තිබූ මත්ද්‍රව්‍ය ගොඩබා ඒවා ලොරිවලට පැටවීමෙන් පසු එසේ රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකවර පානය කරන්නට ඇති බවයි.
මෙසේ රැගෙන විත් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කලවම් නොකළ අධික විෂ සහිත ඒවා වීමෙන් මෙම පුද්ගලයන් මෙසේ මියයන්නට ඇති බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් මියගිය ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද මීට පෙර පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
මෙම පුද්ගලයන් තිදෙනාට විෂ ශරීරගත කර ඔවුන් මරා දමන්නට ඇති බව පොලිසිය මුලින් සැකකළ ද මරණ පරීක්ෂණයෙන් පසු එම සැකය දුරු වූ බව ආරංචිමාර්ග කියයි.
මියගිය පුද්ගලයන් තිදෙනාම අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අය බවද පොලිසිය පවසයි.
මේ අතර තංගල්ල, සීනිමෝදර නිවසේ අබිරහස් ලෙස මියගිය ඩිමෝ බට්ටා ලොරියේ රියැදුරුගේ පුත්‍රයන් දෙදෙනා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝලර් යාත්‍රා දෙකකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය තංගල්ල මුහුදු වෙරළේදී ලොරිවලට පැටවීමේ කාර්යයට මෙම රියැදුරුගේ පුත්‍රයන් දෙදෙනා ද සම්බන්ධ වී සිටි බවට ලැබුණු තොරතුරු මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
තංගල්ලේදී අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 988ක් බව පොලිසිය විසින් ගණන් බලා ඇත.
ලොරි රථ දෙකේ තිබී සොයාගත් මත්ද්‍රව්‍යවල ප්‍රමාණය කිලෝග්‍රෑම් 705ක් බව පොලිසිය පවසයි. ඒ අතරින් කිලෝ 284ක් හෙරොයින් වන අතර කිලෝ 420ක් අයිස් මත්ද්‍රව්‍ය බව හඳුනාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය පටවා තිබූ ලොරි දෙකේ හිමිකරුවන් දෙදෙනා පොලිසිය මගින් ඊයේ (23දා) අත්අඩංගුවට ගන්නා ලදී. ලොරි හිමිකරුවන් දෙදෙනාම උණාකූරුවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීප සගයන් බවද මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ බව ද අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart