July 19, 2026

කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ඉකුත් 17 වනදා සිය නිවසේදී සිදුවූ වෙඩි වැදීමකින් මිය ගියේය.

මෙම සිදුවීම සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක කරන අතර, ඒ සඳහා ඔහු සිය ආරක්ෂක නිලධාරියාට ලබා දී තිබූ ගිනිඅවියක් භාවිත කරන්නට ඇති බවට විශ්වාස කෙරේ.

මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) සිදුකිරීමට නියමිතව ඇත.