
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේගුවෙන් නිසි අවසර ලබා නොගෙන සහ අදාළ තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක්, නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර එහි අයිතිය පැවරීමට අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වාහනයේ පළමු අයිතිය පැවරීමට අවශ්‍ය කවුන්ටර අංකය නිකුත් කිරීම සහ ඊට අදාළ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart