
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුමන ජනාධිපතිධුර අපේක්ෂකයකු වුවද මැතිවරණ නීතිරීති සහ පවතින නිර්ණායක සම්බන්ධයෙන් සදාචාරසම්පන්න විය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
පසුගිය දින කිහිපයේදීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණි රාශියක් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බව සඳහන් කළ සමන් ශ්‍රී රත්නායක, ඉන් ඇතැම් පැමිණිලි ජනාධිපතිවරයාට එරෙහිවද ලැබී ඇති බව සඳහන් කරයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වූ සමුළුව සම්බන්ධයෙන් ද අදහස් පළකරන මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ, යම් අපේක්ෂකයෙකු එවැනි උත්සවයකට සහභාගි වීම සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටලුවක් පවතින බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල හෝටලයකට ජනමාධ්‍යවේදීන් කැඳවා පැවැත්වූ දේශපාලන වැඩසටහනක් පිළිබඳ පැමිණිල්ලක්ද මේ විට ලැබී ඇති බවද සමන් රත්නායක සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන ජනමාධ්‍යවලට අමතරව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ද උපමාන හඳුන්වාදීමට ද ක්‍රියාකරන බව සඳහන් කරන මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා, වැඩිදුරටත් අවධාරණය කරන්නේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් වසර තුනක සිරදඩුවමකට යටත් විය හැකි බවයි.
එමෙන්ම යම් අපේක්ෂකයකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇත්නම් ජනාධිපතිවරණයෙන් පසුව වුවද අධිකරණයේදී ඔවුන්ගේ තනතුරු අභියෝගයට ලක්විය හැකි බවද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart