March 15, 2024

තීරුබදු ව්‍යුහය වෙනස්වීම හේතුවෙන්, ලබන වසරේ සිට වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට යෝජනාවී තිබුණද, එහිදීද දැනට පවතින වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි දේශීය වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කරති.

රජය ජනවාරි මාසයේදී තීරුබදු ව්‍යුහයේ සැළකිව යුතු වෙනසක් ක්‍රියාවට නංවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයනය කිරීමේ ආන්තික පිරිවැය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසති.

විශාල සීමා කිරීම් යටතේ දැනටත් වාහන ආනයනය කරන බවද ආනයනකරුවෝ ප්‍රකාශ කරති.

එම සංගමය සිදුකළ සමීක්ෂණයට අනුව නව වාහන ගෙන්වීමෙන් පසු දැනට පවතින වාහනවල දේශීය වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යනු ඇත.

ලබන වසරේ සිට පෞද්ගලික වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව, එක්සත් තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද “තරුණයාගේ අනාගතය” මැයෙන් මෙම සතියේ Taprobane Entertainment හි පැවති රැස්වීමක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ගෙවුම් ශේෂය යටතේ වාහන හැර අනෙකුත් සියලුම දේ ආනයනය කිරීමට රජය අවසර දී ඇතැයි ද ජනාධිපතිතවරයා එහිදී පැවැසීය.