
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන් සියලුදෙනා ඉවත්කිරීමට ඇමැති බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග රක්ෂිතය තුළ වූ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර, මේ වන විට කිරුළපන දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ අනවසර පදිංචිකරුවන් ප්‍රතිස්ථාපන කටයුතු අවසන් කර ඇත.
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වසර 30කට අධික කාලයක් දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස අනවසරයෙන් ජීවත් වෙති.
ඔවුන්ගෙන් පවුල් 350ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස සංකීර්ණයේ සහ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මඟින් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවාස සංකීර්ණයේ නිවාස ඒකක යොදා ගනිමින්, එකී පවුල් සඳහා නිවාස පහසුකම් සලසා දීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart