
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘තර්ජන’ නොව ‘ගෞරවය’ මත පදනම්ව එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කැපවී සිටින බව යුරෝපා සංගම් වෙළඳ කොමසාරිස් මාරෝස් සෙෆ්කොවික් පැවසීය.
ඔහු පැවසුවේ 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා යොදවා ඇති බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට යවන සියලුම භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව මෙම සාකච්ඡා සිදුවේ.
“යුරෝපා සංගම්-අමෙරිකානු වෙළඳාම අසමසම වන අතර තර්ජනවලින් නොව අන්‍යෝන්‍ය ගෞරවයෙන් මෙහෙයවිය යුතුයි. අපගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අපි සූදානම්”යනුවෙන් සෙෆ්කොවික් පැවසීය.
තීරුබදු ඉහළ නැංවීමේ සැලැස්ම ජුනි 1 වැනි දිනට නියම කර ඇති බව පවසමින් යුරෝපා සංගම්-අමෙරිකානු වෙළඳ සාකච්ඡාවල වේගය පිළිබඳ ට්‍රම්ප් සිකුරාදා නොඉවසිලිමත් බව ප්‍රකාශ කළේය.
“මම ගනුදෙනුවක් සොයන්නේ නැහැ – අපි ගනුදෙනුව සකස් කර තිබෙනවා,” යනුවෙන් ඔහු පසුව වාර්තාකරුවන්ට පවසා තිබිණි.
යුරෝපීය සංගමය වොෂින්ටනයේ විශාලතම වෙළඳ හවුල්කරුවන්ගෙන් එකක් වන අතර, පසුගිය වසරේ ඩොලර් බිලියන 600කට වඩා භාණ්ඩ යවා ඩොලර් බිලියන 370ක් වටිනා භාණ්ඩ මිලදී ගත් බව එක්සත් ජනපද රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ට්‍රම්ප්ගේ තර්ජනවලට ප්‍රතිචාර දක්වමින්, ඉහළ තීරුබදු දෙපාර්ශවයටම හානිදායක වනු ඇති බවට යුරෝපීය රජයන් අනතුරු අඟවා තිබේ.
“අපි මේ මාර්ගයේ යා යුතු නැහැ. සාකච්ඡා හොඳම සහ එකම තිරසාර ඉදිරි මාවතයි,” අයර්ලන්තයේ අගමැති මයිකල් මාටින් පැවසීය.
ජර්මානු ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් පැවසුවේ “යුරෝපීය කොමිසම එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළ විසඳුමකට ළඟා වන බව සහතික කිරීමට අප සෑම දෙයක්ම කළ යුතුයි ” යනුවෙනි.
බොහෝ යුරෝපීය සංගම් භාණ්ඩ සඳහා පසුගිය මාසයේ ට්‍රම්ප් 20%ක තීරුබදුවක් ප්‍රකාශයට පත් කළ නමුත් තවත් සාකච්ඡා සඳහා කාලය ලබා දීම වෙනුවෙන් ජූලි 8 වැනි දින දක්වා එය 10% දක්වා අඩකින් අඩු කළේය.
යුරෝපා සංගමය අමෙරිකාවෙන් මිලදී ගන්නා ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ එක්සත් ජනපදයට අලෙවි කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart