
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර ජූලි 25 වැනිදා ආරම්භ වීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
වාර්ෂික මහනුවර පෙරහැර සතර දේවාලවල ‘කප් සිටුවීමේ’ චාරිත්‍රයෙන් ආරම්භ වන අතර ඉන් අනතුරුව ඇතුල් පෙරහැර පැවැත්වේ.
දේවාල තුළ දින පහක අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙම වසරේ පළමු කුඹල් පෙරහැර ජූලි 30 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම දියවඩන නිලමේවරයා පැවසුවේ කුඹල් පෙරහැර දින පහක් පැවැත්වෙන අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 4 වනදා ආරම්භ වන බවයි.
අවසන් රන්දෝලි පෙරහැර නිකිණි පුර පසළොස්වක පොහොය දින එනම් අගෝස්තු 8 රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මහනුවර ඇසළ පෙරහැරේ දිනයන් අවසන් කර ප්‍රකාශයට පත් කිරීම සඳහා අද පැවති සාකච්ඡාවකදී දියවඩන නිළමේවරයා මේ බව පැවසුවේය.
එහිදී දියවඩන නිලමේවරයා සහ සතර දේවාලවල බස්නායක නිලමේවරුන් පෙන්වා දුන්නේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව අඩුවීම පෙරහැර සාර්ථකව සංවිධානය කිරීමට විශාල අභියෝගයක් වන බවයි.
මීට වසර කිහිපයකට පෙර මෙරට හීලෑ අලි ඇතුන් 200ක් පමණ සිටි අතර මේ වන විට එම සංඛ්‍යාව ආසන්න වශයෙන් 90 දක්වා පහත වැටී ඇති බව ද එහිදී අනාවරණය විය.
ජාතික ජන බලවේගය බලයට පත්වුව හොත් දළදා පෙරහැර පැවැත්වීමට ඉඩ නොදෙන බව මැතිවරණයට පෙර වර්තමාන විපක්ෂ කණ්ඩායම් මෙන්ම ඇතැම් බෞද්ධ භික්ෂුන්ද ප්‍රචාරය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart