
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එප්පාවල, මීගස්සෑගම සහ කිරලෝගම යන ගම්මාන දෙකේ විදුලි පාරිභෝගික පවුල් තුන්සියයකට පමණ වෙන් වෙන් වශයෙන් මෙවර රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක් රුපියල් දෙලක්‍ෂයත් අතර අරුම පුදුම මාසික විදුලි බිල් ප්‍රමාණයක් නිකුත් කර තිබේ.
කැකිරාව විදුලි ඉංජිනේරු කාර්යාලය මගින් මෙලෙස ලක්‍ෂ ගණන් වටිනා විදුලි බිල්පත් නිකුත් කර ඇත්තේ, වසර තුනක සිට මනු කියවන්නා අතින් සිදුවී තිබෙන අතපසුවීමක් නිවැරදි කරමින් යැයි ලංවිම ඉංජිනේරුවෝ සඳහන් කරති.
මෙම ප්‍රදේශයේ ජීවත්වන පවුල්වලට මීට පෙර ලැබුණේ රුපියල් තුන්දහසක, පන්දහසක අතර මාසික විදුලි බිල්පත් යැයි ද ඔව්හු පවසති.
මෙම අරුම පුදුම විදුලි බිල්පත් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ, ලක්‍ෂ ගණනින් මාසික විදුලි බිල්පත් ලැබූ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සාධාරණයක් ඉටුකරන බවය.
මීගස්සෑගම හා කිරලෝගම ගම්මාන දෙකේ පවුල් පන්සියයක් පමණ සිටින අතර, ඔවුනගෙන් පවුල් තුන්සියයකට පමණ රුපියල් ලක්‍ෂ ගණනින් වෙන වෙනම විදුලි බිල්පත් ලැබී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart