
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව සමග තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී දෙකට-බිංදුවක් ලෙස ජයග්රහණය කිරීමට එංගලන්ත ක්රිකට් කණ්ඩායම සමත්විය.
ලෝඩ්ස් ක්රිකට් ක්රීඩාංගණයේදී වසර 33කට පසුව, ශ්රී ලංකාවට ටෙස්ට් තරග පරාජයක් උරුම කරමින් එංගලන්තය දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 190කින් ජයගත්තේය.
තරගයේ එංගලන්තය පළමු ඉනිමට ලකුණු 427ක් ලබාගත් අතර එහිදි ජෝ රූට් සහ ගස් ඇට්කින්සන් ශතක වාර්තා කළහ.
ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 196කට සීමාවූ අතර කමිදු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කළේය.
අනතුරුව දෙවැනි ඉනිමට ලකුණු 251ක් ලබාගත් එංගලන්තය තරගය ජයග්රහණය සදහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ලකුණු 483ක ඉලක්කයක් ලබාදුන්නේය.
කෙසේවෙතත්, තරගය අවසන් වීමට දිනයක් ඉතිරිව තිබියදි ශ්රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 292කට සීමාවූයේ එංගලන්තයට ඓතිහාසික මෙන්ම තරගාවලි ජයක් ද ලබාදෙමිනි.
ගස් ඇට්කින්සන් කඩුලු 05ක් ලබාගත්තේය.
දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ නායක ධනංජය ද සිල්වා ශ්රී ලංකා දෙවැනි ඉනිමේදි අර්ධ ශතක රැස්කළහ. මිලාන් රත්නායක ලකුණු 43 යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart