April 18, 2026

කුමාර ජයකොඩි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලකගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ලංකාදීප’ය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, අදාළ පත්කිරීම ඉදිරි දිනවල සිදුකෙරෙනු ඇත.

අනුර කරුණාතිලක කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.

මෙයට අමතරව අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් ඉදිරි දිනවල සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.