
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් අසීමිත වරප්‍රසාද භුක්ති විඳ ඇති අතර, එහිදී ඔවුන්ගේ පරිභෝජනයට සතියකට වතාවක් නුවරඑළියේ වගාකළ කාබනික එළවළු ගෙනැවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද අනාවරණය කළේය.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා කියාසිටියේ, නුවරඑළියෙන් ලැබෙන එළවළුවලින් ආරක්ෂක නිලධාරීන්ට ආහාර පිළියෙළ කරන ලෙස තමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
“ජනාධිපතිවරයාගෙ පරිභෝජනය සඳහා නුවරඑළියේ ජනාධිපති මන්දිරයට අයත් ඉඩමේ කාබනික එළවළු වගාකර තිබෙන බව මට දැනගන්නට ලැබුණා. සෑම සිකුරාදාවකම නුවරඑළියෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට කිලෝග්‍රෑම් 60ක් බර එළවලු මළු දෙකක් ලැබෙන බව මම දුටුවා. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, ආරක්ෂක නිලධාරීන් සඳහා සකස් කරන ලද ආහාර සඳහා එම එළවළු භාවිතා කරන්න කියලා.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු නායකයන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වගාකරන එළවලු පවා නොකෑ බව පැවසූ ජනාධිපතිවරයා, මැතිවරණ පරාජයට පත්වුවද එවැනි වරප්‍රසාද තවදුරටත් අපේක්ෂා කරන බව ද කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart