August 8, 2024

2012 නොවැම්බර් 09 වැනිදා රැඳවියන් 8 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණ දණ්ඩනයට නියම කරන ලද හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ එමිල් රංජන් ළමාහේවා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකළ අභියාචනා පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.