
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින හිඟය විසඳීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමත ඖෂධ පමණක් හදිසි පදනමින් ආනයනය කරන බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
යුරෝපීය සංගමයේ (EU) යහ නිෂ්පාදන පිළිවෙත (GMP) සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ඇතුළුව ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති ආයතන හතක් පමණ ලොව පුරා ඇති බව ඔහු පෙන්වාදෙයි.
“හදිසි මිලදී ගැනීම්වලදී, රජය විසින් ඖෂධ ආනයනය කරනු ලබන්නේ ලියාපදිංචි සැපයුම්කරුවන් හරහා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනටමත් අනුමත කර ඇති ආයතන හතෙන් ප්‍රතීතනය කර ඇති ඖෂධ පමණයි” ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
රාජ්‍ය අංශයේ දැනට පවතින හිඟය පියවා ගැනීම සඳහා ඖෂධ වර්ග 161කට ආසන්න ප්‍රමාණයක් හදිසි පදනමින් ආනයනය කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඇතුළු වෛද්‍ය විශේෂඥයන් මතුකළ ගැටලුවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පවසයි.
“හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන්ම වැරදි ලෙස අර්ථකථනය කර තිබෙනවා. හදිසි මිලදී ගැනීම් සහ සාමාන්‍ය මිලදී ගැනීම් අතර ඇති එකම වෙනස වන්නේ, හදිසි මිලදී ගැනීම් සඳහා ගතවන්නේ මාස තුනක් පමණයි. සාමාන්‍ය මිලදී ගැනීම් සඳහා මාස නවයක් පමණ ගතවෙනවා” යැයි ඇමැතිවරයා පැහැදිලි කරයි.
සෑම ඖෂධයකම ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නොහැකි බවද ඔහු අවධාරණය කරයි.
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බව විපක්ෂය ප්‍රකාශ කර ඇති අතර, ඊට මුහුණ දීමට තමන් සූදානම් බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart