
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගිකයන් සූරාකෑම වැළැක්වීමේ අරමුණින්, නියමිත බර නොමැති පාන් අලෙවි කිරීම සහ බර හා මිල නිසියාකාරව ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සහ බේකරි හිමියන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ පසුපස විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
2026 සැප්තැම්බර් 29 වන දින සිදුකරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී බර අඩු පාන් අලෙවි කළ සිද්ධි 35ක් වාර්තා වී ඇත. මීට අමතරව වෙළෙඳසැල් සහ බේකරි 85ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ අතර, ස්ථාන 55ක මිල ප්‍රදර්ශනය කර නොතිබූ බවද අනාවරණය වී තිබේ. මෙම වැටලීමට බේකරි 71ක්ද පරීක්ෂා කිරීම ඇතුළත් විය.
මෙහිදී විශේෂත්වයක් වන්නේ සිල්ලර වෙළෙඳසැල්වල බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී වෙළෙන්දාට පමණක් නීතිය ක්‍රියාත්මක නොකර, එම පාන් සැපයූ නිෂ්පාදකයා හෙවත් අදාළ බේකරිය දක්වාම විමර්ශන ගෙන යාමට නිලධාරීන්ට උපදෙස් දී තිබීමයි. එහිදී අදාළ බේකරියේ නිෂ්පාදනය කරන පාන්වල බරද පරීක්ෂා කර, නියමිත බරට අනුකූල නොවන බව තහවුරු වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලිය වහා නිවැරදි කිරීමට උපදෙස් දෙන අතර, ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කෙරේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ පාරිභෝගිකයා ගෙවන මුදලට නිවැරදි බරින් යුතු පාන් ලබාදීම සහ බර හා මිල පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදර්ශනය කිරීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමක් බවයි.
මීට පෙර 2026 සැප්තැම්බර් 01 සිට 03 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම් වැඩසටහනේදී වෙළෙඳසැල් සහ බේකරි 118ක් (බේකරි 81ක් ඇතුළුව) පරීක්ෂා කර තිබූ අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 54ක් වාර්තා විය. ඒ අනුව මෙම වැඩසටහන් දෙක යටතේ මෙතෙක් වෙළෙඳසැල් සහ බේකරි 225ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් සොයාගෙන ඇත.
නීතිය උල්ලංඝනය කරන වෙළෙඳුන්ට සහ බේකරි නිෂ්පාදකයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙම විශේෂ වැටලීම් සහ පසුපස විමර්ශන වැඩසටහන ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව සිදුකරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart